එහෙත් තිළිණ දීමනාව, අයුතුකම වගේ නො වේ. මන්ද එක මිනිසාගේ අයුතුකම හේතු කොට බොහෝ දෙනෙක් මිය ගියාහු නම්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයත්, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණ දීමනාවත් බොහෝ දෙනකුට ඊට වඩා කොපමණ වැඩියෙන් අධික නො වන්නේ ද! තවද තිළිණ දීමනාව, ඒ එක මිනිසාගේ පාපයේ විපාකය වගේ නො වේ. මන්ද එක අයුතුකම පසු පස ආ විනිශ්චය, දඬුවම ගෙනාවේ ය. එහෙත් බොහෝ වූ අයුතුකම් පසු පස ආ තිළිණ දීමනාව නිර්දෝෂීත්වය රැගෙන ආවේ ය. ඒ එක මිනිසාගේ අයුතුකම නිසා, ඒ එක මිනිසා මගින් මරණය රජකම් කළේ නම්, අනුග්‍රහයේ බහුලත්වයත්, ධර්මිෂ්ඨකමේ තිළිණ දීමනාවත් ලැබූ අය, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඊට වඩා කොතරම් වැඩියෙන් ජීවනයේ රජකම් නො කරන්නේ ද? එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය. මන්ද ඒ එක මිනිසාගේ අකීකරුකම, බොහෝ දෙනා පව්කරුවන් කළා සේ ම, මේ එක මිනිසාගේ කීකරුකම බොහෝ දෙනා ධර්මිෂ්ඨයින් කරන්නේ ය. ව්‍යවස්ථාව පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩි වන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයෙන් බහුල වන්නේ ය. එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මගින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.
රෝම 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රෝම 5:15-21
10 දින
මෙම දින 10ක පාස්කු කියවීමේ සැලැස්ම සමඟ මෙම පාස්කු සමයේදී ඔබේ හදවත සූදානම් කරගන්න.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ