රෝම 5:12-15
රෝම 5:12-15 SCV
එබැවින් එක් මිනිසකු මගින් පාපය ද පාපය මගින් මරණය ද ලොවට පිවිස, සියල්ලන් ම පව් කළ බැවින්, මුළු මිනිස් වර්ගයා වෙත ම මරණය පැමිණියේ ය. මන්ද සැබවින් ම ව්‍යවස්ථාව දීමට පෙර සිට ම, පාපය ලොවෙහි තිබිණි. එහෙත් ව්‍යවස්ථාව නැති තැන පාපය ගණන් නො ගැනිණි. කෙසේ වෙතත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වැනි අයුතුකමින් පව් නො කළ අය කෙරේ පවා, මරණය රජකම් කළේ ය. ඔහු ලොවට එන්නට සිටි තැනැත්තාණන්ගේ පූර්ව ආදර්ශයක් විය. එහෙත් තිළිණ දීමනාව, අයුතුකම වගේ නො වේ. මන්ද එක මිනිසාගේ අයුතුකම හේතු කොට බොහෝ දෙනෙක් මිය ගියාහු නම්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයත්, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණ දීමනාවත් බොහෝ දෙනකුට ඊට වඩා කොපමණ වැඩියෙන් අධික නො වන්නේ ද!


