රෝම 4:18-25

රෝම 4:18-25 SCV

“ඔබේ පෙළපත එසේ වන්නේ යැ” යි ඔහුට පවසා තිබූ ලෙස තමා බොහෝ ජාතීන්ගේ පියා වෙතැයි ඔහු බලාපොරොත්තුවෙන් විශ්වාස කළේ බලාපොරොත්තු තබන්නට ඉඩ නැති තැන ය. අවුරුදු සියයක් වයස්ගත ව, තම ශරීරය මැරී ගිය එකක් වැනියයි කල්පනා වුව ද, සාරාගේ ගර්භය වඳ වග කල්පනා වුව ද, ඔහු ඇදහිල්ලේ දුර්වල වූයේ නැත. දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇතිකර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ, පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන් ම ඒත්තු ගැනීමෙනි. ඔහුගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබුවේ එබැවිනි. “ඔහුට එය ගණන් ගනු ලැබී ය” යන වචන ලියනු ලැබ ඇත්තේ, ඔහු උදෙසා පමණක් ම නො වේ; අප උදෙසාත් ය. යේසුස් අප ස්වාමින්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේ තුළ විශ්වාස කරන අප උදෙසා ද එසේ ගණන් ගනු ලබන්නේ ය. උන්වහන්සේ පාවා දෙනු ලැබුවේ, අපගේ පාප උදෙසා ය; නැගිටුවනු ලැබුවේ අප නිර්දෝෂ කොට ගණන් ගැනීම උදෙසා ය.

රෝම 4 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 4:18-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය