රෝම 4:17-21

රෝම 4:17-21 SCV

ඒ, “මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කළෙමි” යි ලියා ඇති පරිදි, ආබ්‍රහම් තමා විශ්වාසය තැබූ දෙවියන්වහන්සේ ඉදිරියේ ය; උන්වහන්සේ මළවුන්ට ජීවනය දෙන, නැති දේ ඇති දේ වන්නට අණ කරන තැනැන්වහන්සේ ය. “ඔබේ පෙළපත එසේ වන්නේ යැ” යි ඔහුට පවසා තිබූ ලෙස තමා බොහෝ ජාතීන්ගේ පියා වෙතැයි ඔහු බලාපොරොත්තුවෙන් විශ්වාස කළේ බලාපොරොත්තු තබන්නට ඉඩ නැති තැන ය. අවුරුදු සියයක් වයස්ගත ව, තම ශරීරය මැරී ගිය එකක් වැනියයි කල්පනා වුව ද, සාරාගේ ගර්භය වඳ වග කල්පනා වුව ද, ඔහු ඇදහිල්ලේ දුර්වල වූයේ නැත. දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇතිකර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ, පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන් ම ඒත්තු ගැනීමෙනි.

රෝම 4 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 4:17-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය