රෝම 3:9-18
රෝම 3:9-18 SCV
එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත් ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ල ම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට දෝෂාරෝපණ කොට තිබේ. ඒ ගැන ලියා තිබෙන ලෙස, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත. වටහා ගන්නා කෙනෙක් නැත. දෙවියන්වහන්සේ සොයන කෙනෙක් නැත. සැවොම ඉවත හැරී, ඔවුන් එක් ව නිෂ්ඵල බවට පත් ව ඇත; යහපතක් කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.” “ඔවුන්ගේ උගුරු, කට ඇරගත් මිනීවළකි. රැවටීමට ඔවුහු තම දිව් යොදා ගනිති.” “ඔවුන්ගේ තොල් යට පොළොං විස ය.” “ඔවුන්ගේ මුව, ශාපවලින් හා තික්තකමින් පිරිලා ය.” “ඔවුන්ගේ පාද, ලේ හැලුමට යුහු යුහු ව යයි; ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි; සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.” “ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට භයක් නැත.”

