රෝම 3:27-31

රෝම 3:27-31 SCV

එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි. මන්ද අපේ පිළිගැනීම නම්, කෙනකු ධර්මිෂ්ඨ කරනු ලබන්නේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් තොර ව, ඇදහිල්ල මගින් බවයි. දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ පමණක් දෙවියන්වහන්සේ ද? උන්වහන්සේ අන්‍ය-ජාතිකයින්ගේත් දෙවියන්වහන්සේ නො වන සේක් ද? සත්තකින් ම අන්‍ය-ජාතීන්ගේත් ය. දෙවියන්වහන්සේ එක ම තැනැන්වහන්සේ වන සේක. උන්වහන්සේ චර්ම-ඡේදිතයන් ඇදහිල්ල මගින් ද චර්ම-අඡේදිතයන් ඇදහිල්ල තුළින් ද ධර්මිෂ්ඨ කරන සේක. එසේ නම්, අපි මෙම ඇදහිල්ල මගින් ව්‍යවස්ථාව අවලංගු කරන්නෙමු ද? කොහෙත් ම නැත! සැබවින් ම අපි එය තහවුරු කරන්නෙමු.

රෝම 3 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 3:27-31 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය