රෝම 2:6-15
රෝම 2:6-15 SCV
උන්වහන්සේ එකිනෙකා කළ දේ අනුව පල විපාක දෙනු ඇත. ඉවසීමෙන් යුතු ව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත. එහෙත් ආත්මාර්ථයෙන් යුතු ව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ. නපුර කරන හැම මනුෂ්‍යයකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද පීඩා හා විපත් පැමිණේ. එහෙත් හොඳ වැඩ කරන හැම කෙනකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද තේජසත්, ගෞරවයත්, සාමයත් අත් වේ. මන්ද දෙවියන්වහන්සේ පක්ෂ-භජනයක් දක්වන්නේ නැත. මන්ද ව්‍යවස්ථාව නැතිව පව් කළ සැවොම, ව්‍යවස්ථාව නැතිව විනාශ වන්නෝ ය. ව්‍යවස්ථාව යටතේ සිට පව් කළ සැවොම, ව්‍යවස්ථාවෙන් විනිශ්චය කරනු ලබන්නෝ ය. මන්ද දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වන්නේ ව්‍යවස්ථාවට සවන් දෙන්නන් නො වේ; ධර්මිෂ්ඨ කරනු ලබන්නේ ව්‍යවස්ථාව පිළිපදින්නන් ය. සැබවින් ම, ව්‍යවස්ථාව නැති අන්‍ය-ජාතීන් එහි නියමයන් නිසඟයෙන් පිළිපදින කල, ව්‍යවස්ථාව ඔවුන් සතු ව නොමැති වුවත්, ඔවුන් ම ඔවුන්ට ව්‍යවස්ථාවක් වී තිබේ. ඔවුන්ගේ හෘදය සාක්ෂියේ සාක්ෂි දැරීමෙන් හා තමන්ට ම දොස් තබමින් හෝ තමන් නිදොස් කරමින් නැගෙන සිතුවිලි මගින්, ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ හදවත්හි ලියැවී ඇති වග ඔවුහු පෙන්වා දෙති.

