රෝම 2:6-11
රෝම 2:6-11 SCV
උන්වහන්සේ එකිනෙකා කළ දේ අනුව පල විපාක දෙනු ඇත. ඉවසීමෙන් යුතු ව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත. එහෙත් ආත්මාර්ථයෙන් යුතු ව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ. නපුර කරන හැම මනුෂ්‍යයකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද පීඩා හා විපත් පැමිණේ. එහෙත් හොඳ වැඩ කරන හැම කෙනකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද තේජසත්, ගෞරවයත්, සාමයත් අත් වේ. මන්ද දෙවියන්වහන්සේ පක්ෂ-භජනයක් දක්වන්නේ නැත.

