රෝම 2:25-29

රෝම 2:25-29 SCV

ව්‍යවස්ථාවට ඔබ කීකරු වේ නම්, චර්ම-ඡේදනයෙහි සැබෑවට ම වටිනාකමක් ඇත. එහෙත් ඔබ ව්‍යවස්ථාව කඩ කරනවා නම්, චර්ම-ඡේදනය ඔබට චර්ම අඡේදනයක් වෙයි. එහෙම නම්, චර්ම-ඡේදනය නො ලද්දකු ව්‍යවස්ථාවේ නියෝග පිළිපදිනවා නම්, ඔහුගේ චර්ම අඡේදනය, චර්මඡේදිත සේ නො සැලකේ ද? මෙසේ, කායික ව චර්මඡේදිත නො වූ නමුදු, ව්‍යවස්ථාව පිළිපදින්නා, නීති ලියවිල්ලත්, චර්ම-ඡේදනයත් ඇති, එහෙත් ව්‍යවස්ථාව කඩන ඔබ විනිශ්චය කරනු ඇත. පිටස්තර ව පමණක් කිසිවකු යුදෙව්වරයකු වන්නේ නැත. එසේ ම, චර්ම-ඡේදනය ද පිටස්තර වූ ශාරීරික වූ එකක් පමණක් නො වේ. යුදෙව්වා, යුදෙව්වකු වන්නේ ඇතුළාන්තයෙනි; චර්ම-ඡේදනය, ආත්මයාණන් මගින් හදවතේ කෙරෙන ඡේදනයක් මිස, වචනාර්ථයට අනුව කැපුමක් නො වේ. එබඳු තැනැත්තාගේ පැසසුම මිනිසුන්ගෙන් නො ව, දෙවියන්වහන්සේගෙනි.

රෝම 2 කියවන්න