රෝම 14:7-12
රෝම 14:7-12 SCV
මන්ද අප කිසිවකු තමා ම උදෙසා ජීවත් වන්නේ නැත. අප කිසිවකු තමා ම උදෙසා මියෙන්නේ ද නැත. ජීවත් වන්නෙමු නම්, අප ජීවත් වන්නේ ස්වාමින්වහන්සේ උදෙසා ය. මියෙනවා නම්, අප මියෙන්නේ ද ස්වාමින්වහන්සේ උදෙසා ය. එබැවින්, ජීවත් වෙතත්, මිය ගියත් අප ස්වාමින්වහන්සේගේ ය. ක්‍රිස්තුස්වහන්සේ මිය ගියේත්, ජීවනයට පැමිණියේත් මේ අරමුණ උදෙසා ය; එනම් මළවුන්ගේ ද ජීවතුන්ගේ ද යන දෙගොල්ලගේ ම ස්වාමියාණන් වීමට ය. එසේ නම් ඔබ, ඔබගේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන්ද? නැතහොත් ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන්ද? අප සැවොම දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතු ව ඇත. මන්ද, “ ‘මා ජීවත් වන්නා සේ ම හැම දණක් ම මට නමන්නේ ය; හැම දිවක් ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි ලියා තිබේ. එබැවින්, අප හැම කෙනකු ම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතු ව ඇත.

