රෝම 14:21-22
රෝම 14:21-22 SCV
මස් කෑමෙන්, මිදි යුෂ බීමෙන් හෝ අන් යමක් කිරීමෙන් හෝ ඔබගේ සහෝදරයා පැකිළවීමට හේතු වේ නම්, ඉන් වැළකී සිටීම හොඳ ය. ඔබට ඇති ඇදහිල්ල දෙවියන්වහන්සේත්, ඔබත් අතර තබා ගන්න. තමන් අනුමත කරන දෑ ගැන තමාට ම දොස් පවරා ගැනීමක් නැති පුද්ගලයා භාග්‍යවත් ය.

