රෝම 14:10-18

රෝම 14:10-18 SCV

එසේ නම් ඔබ, ඔබගේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන්ද? නැතහොත් ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන්ද? අප සැවොම දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතු ව ඇත. මන්ද, “ ‘මා ජීවත් වන්නා සේ ම හැම දණක් ම මට නමන්නේ ය; හැම දිවක් ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි ලියා තිබේ. එබැවින්, අප හැම කෙනකු ම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතු ව ඇත. එබැවින්, තවදුරටත් එකිනෙකා විනිශ්චය කිරීම නවතමු. ඔබේ සහෝදරයාගේ මාර්ගය පැකිළවීමේ හෝ බාධකයක් වන කිසිවක් නො කිරීමට තීරණ කර ගන්න. කිසිවක් අපවිත්‍ර නැති වග යේසුස් ස්වාමින්වහන්සේ තුළ දැන, ඒත්තු ගෙන සිටිමි. එහෙත් යමක් අපවිත්‍රයයි සිතන කෙනකුට ඒවා අපවිත්‍ර ය. මන්ද ඔබගේ යම් කෑමක් ඔබගේ සහෝදරයාගේ ශෝකයට හේතු වේ නම්, තවත් ඔබ ප්‍රේමයේ හැසිරෙනවා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ යමකු උදෙසා මැරුණා ද, ඔබගේ කෑමකින් ඔහු විනාශ නො කරන්න. හොඳයයි ඔබ පිළිගත් දේ නපුරකැයි කියනු ලබන්නට ඉඩ නො තබන්න. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත්, බීමත් පිළිබඳ වූවක් නො ව ධර්මිෂ්ඨත්වයත්, සාමයත්, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත් ය. මෙසේ ක්‍රිස්තුස්වහන්සේට සේවය කරන්නාට දෙවියන්වහන්සේගේ ප්‍රසාදයත්, මිනිසුන්ගේ අනුමැතියත් ලැබේ.

රෝම 14 කියවන්න

මෙයට අදාළ වීඩියෝ