රෝම 14:10-13
රෝම 14:10-13 SCV
එසේ නම් ඔබ, ඔබගේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන්ද? නැතහොත් ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන්ද? අප සැවොම දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතු ව ඇත. මන්ද, “ ‘මා ජීවත් වන්නා සේ ම හැම දණක් ම මට නමන්නේ ය; හැම දිවක් ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි ලියා තිබේ. එබැවින්, අප හැම කෙනකු ම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතු ව ඇත. එබැවින්, තවදුරටත් එකිනෙකා විනිශ්චය කිරීම නවතමු. ඔබේ සහෝදරයාගේ මාර්ගය පැකිළවීමේ හෝ බාධකයක් වන කිසිවක් නො කිරීමට තීරණ කර ගන්න.


