ඇදහිල්ලෙහි දුර්වල අය පිළිගන්න. එහෙත් මත වාද ගැන විවාදයට නො වේ. යමෙක් කවර දෙයක් වුව කෑ හැකියයි විශ්වාස කරන අතර, දුර්වල තැනැත්තා එළවළු පමණක් ආහාරයට ගනියි. කවර දේත් අනුභව කරන තැනැත්තා, එසේ නො කන තැනැත්තා පහත් කොට නො සැලකිය යුතු ය; හැම දේ නො කන තැනැත්තා, හැම දේ අනුභව කරන තැනැත්තා විනිශ්චය නො කළ යුතු ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු පිළිගෙන ඇති බැවිනි. අන් කෙනකුගේ සේවකයා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද? ඔහු කෙළින් සිටියත්, වැටුණත් ඒ ඔහුගේ ස්වාමියා ඉදිරියෙහි ය. ඔහු නැගිටිනු ඇත. මන්ද ඔහු නැගිටුවන්නට ස්වාමින්වහන්සේ සමත් ය. කෙනෙක් එක් දවසක්, තව දවසකට වඩා උතුම් කොට සලකයි; තව කෙනෙක් හැම දවසක් ම එක සමාන ව උතුම් යයි සලකයි. හැම කෙනෙක් ම තමාගේ සිතින් නිසැක ව ඒත්තු ගත යුතු ය. දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි. මන්ද අප කිසිවකු තමා ම උදෙසා ජීවත් වන්නේ නැත. අප කිසිවකු තමා ම උදෙසා මියෙන්නේ ද නැත. ජීවත් වන්නෙමු නම්, අප ජීවත් වන්නේ ස්වාමින්වහන්සේ උදෙසා ය. මියෙනවා නම්, අප මියෙන්නේ ද ස්වාමින්වහන්සේ උදෙසා ය. එබැවින්, ජීවත් වෙතත්, මිය ගියත් අප ස්වාමින්වහන්සේගේ ය. ක්‍රිස්තුස්වහන්සේ මිය ගියේත්, ජීවනයට පැමිණියේත් මේ අරමුණ උදෙසා ය; එනම් මළවුන්ගේ ද ජීවතුන්ගේ ද යන දෙගොල්ලගේ ම ස්වාමියාණන් වීමට ය. එසේ නම් ඔබ, ඔබගේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන්ද? නැතහොත් ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන්ද? අප සැවොම දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතු ව ඇත. මන්ද, “ ‘මා ජීවත් වන්නා සේ ම හැම දණක් ම මට නමන්නේ ය; හැම දිවක් ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි ලියා තිබේ. එබැවින්, අප හැම කෙනකු ම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතු ව ඇත.
රෝම 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රෝම 14:1-12
3 Days
Infinitum is a way of life centered on following Jesus by loving God and loving others through an emphasis on the habits and disciplines of surrender, generosity, and mission. We aim to see the Bible and also the world through these Jesus-colored lenses. In this short Infinitum Discipleship series reading plan, we focus on accountability.
4 Days
This is a continuation of Growing Your Marriage. In this 4-day devotional Dr. Kim walks you through practical things you can start doing today to grow and deepen your marriage. This devotional will give you practical tips to improve your marriage. Each day has a short devotional, scripture, a short video, and application questions that will help you grow your marriage.
5 Days
“Christians don’t need church. All we need is Jesus.” Have you ever heard that? There is some merit to this statement. After all, church attendance doesn’t save us. Only a real relationship with Jesus does that. However, is attending church necessary for Christians to walk out their faith? These five points dive deeper into this issue, and as odd as it sounds, they don’t all agree at surface level.
What are the most important things Christians can do to help build the church, locally and globally? This plan focuses on personal characteristics and building blocks that yield a natural outpouring of commitment and consistency.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ