රෝම 12:6-12

රෝම 12:6-12 SCV

අපට දෙන ලද අනුග්‍රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්‍රමාණය අනුව භාවිත කරත්වා. එය සේවය කිරීම නම්, සේවය කිරීමෙහි යෙදෙත්වා. ඉගැන්වීම නම්, ඉගැන්වීමෙහි නිරත වේවා, එය, දිරිගැන්වීම නම්, දිරිගන්වත්වා. ආධාර දෙන්නා, ත්‍යාගශීලී ව දෙත්වා. නායකත්වය දෙන්නා උද්යෝගිමත් ව ඒ කටයුතු කරත්වා. දයාව දක්වන්නා සතුටු සිතින් එසේ කරත්වා. ප්‍රේමය අව්‍යාජ වේවා. නපුර පිළිකුල් කරන්න; යහපත වැලඳගන්න. සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම වන්න; අන් අය තමනට වඩා ගරු කොට සලකන්න. ජ්වලිත බවින් කිසි විටෙකත් හීන නො වී, ආත්මයෙන් උද්යෝගී ව ස්වාමින්වහන්සේට සේවය කරන්න. බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න. පීඩාවන්හි දී ඉවසිලිමත් වන්න. යාච්ඤාවෙහි නිරත වන්න.

රෝම 12 කියවන්න