රෝම 12:13-20

රෝම 12:13-20 SCV

ශුද්ධවතුන්ගේ අවශ්‍යතාහි දී ආධාර-උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. ඔබට පීඩාකරන්නන්ට ආශිර්වාද කරන්න; ශාප නො කර, ආශිර්වාද කරන්න. ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න. ශෝක වන්නන් සමඟ ශෝක වන්න. එකිනෙකා හා සමඟියෙන් ජීවත් වන්න. අහංකාර නො වන්න. යටහත් අය සමඟ ඇසුරු කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නො වන්න. කිසිවකුටත් නපුරට-නපුර නො කරන්න. හැමෝම ඉදිරියේ ගරු කටයුතු දේ ම කරන්නට සිතට ගන්න. හැකි පමණින්, හැම කෙනකු සමඟ සාමයෙන් වෙසෙන්න. ප්‍රේමණීයයනි, පළි ගැනීමට නො යන්න; මන්ද, “පළි ගැනීම මා සතු ය. මම විපාක දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේකැයි ලියා ඇති බැවින්, එය දෙවියන්වහන්සේගේ උදහසට ඉඩ හරින්න. අනෙක් අතට, “ඔබගේ සතුරාට සාගිනි නම්, කන්නට දෙන්න; පිපාස නම්, බොන්නට දෙන්න. එසේ කිරීමෙන්, ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩ ගසන්නේ ය.”

රෝම 12 කියවන්න

රෝම 12:13-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය