රෝම 11:1-10

රෝම 11:1-10 SCV

එසේ නම් මා අසන්නේ, දෙවියන්වහන්සේ ස්වකීය ජනයා අත්හැරිය සේක් ද? කොහෙත් ම නැත! මමත් ඉශ්‍රායෙලයෙක්මි. ආබ්‍රහම්ගේ පෙළපතින් පැවතෙන බෙන්යමින් ගෝත්‍ර වංශිකයෙක්මි. දෙවියන්වහන්සේ තමන් පෙර-දැන සිටි තම ජනයා අත් නො හළ සේක. එලියා ගැන ශුද්ධ ලියවිල්ලේ කියන දේ, ඔහු ඉශ්‍රායෙල්ට එරෙහිව දෙවියන්වහන්සේට ආයාචනා කළ හැටි, ඔබ දන්නේ නැති ද? “ස්වාමිනි, ඔවුන් ඔබගේ දිවැසිවරුන් මැරුවා. ඔබගේ පූජාසනය බිඳ දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මගේ ජීවිතය නසන්නටත් සොයනවා.” එවිට කුමක් ද ඔහුට දෙවියන්වහන්සේගේ පිළිතුර? “බාල් දෙවියාට දණ නො නැමූ මිනිසුන් හත්දහසක් මම මට ඉතිරි කර ගෙන සිටිමි” යනුයි. එසේ ම මේ වත්මනේදී ද අනුග්‍රහයෙන් තෝරා ගන්නා ලද ඉතිරි ස්වල්ප දෙනකු ඇත. එය අනුග්‍රහයෙන් නම්, තවදුරටත් ක්‍රියා මගින් නො වේ. නැතහොත් අනුග්‍රහය, අනුග්‍රහයක් වන්නේ නැත. එසේ නම් කුමක් ද? ඉශ්‍රායෙල් සොයා ගිය දේ අත්කර ගැනීමට එයට නො හැකි විය. එහෙත් තෝරාගනු ලැබූ අය එය අත්කර ගත්හ. සෙසු අයගේ සිත් දැඩි කරන ලද්දේ, මෙසේ ලියා ඇති පරිද්දෙනි: “දෙවියන්වහන්සේ ඔවුනට සිහිමුළා ආත්මයක් ද නො පෙනෙන ඇස් ද නෑසෙන කන් ද මේ අද දවස දක්වා ම දුන් සේක.” තවද දාවිත් මෙසේ කියයි: “ඔවුන්ගේ භෝජන මේසය, ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධක කඩුල්ලක් හා දුර්විපාකයක් ද වේවා. නො පෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරු වේවා. ඔවුන්ගේ පිටකොන්ද සදහට ම නැමී යේවා” යනුවෙනි.

රෝම 11 කියවන්න

මෙයට අදාළ වීඩියෝ

රෝම 11:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය