එහෙත් එයින් පවසන්නේ කුමක් ද? “වචනය ඇත්තේ ඔබට ඉතා සමීප ව ය; එය ඔබේ මුවෙහි ය, ඔබේ හදවතේ ය” කියා ය. ඒ, අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ වචනයයි. මන්ද යේසුස්වහන්සේ, ස්වාමින්වහන්සේ යැයි ඔබේ මුවින් ප්‍රකාශ කරන්නේ නම්, දෙවියන්වහන්සේ මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ වග ඔබේ හදවතින් විශ්වාස කරන්නේ නම්, ඔබ ගලවනු ලබනු ඇත. මන්ද හදවතින් විශ්වාස කිරීමෙන් කෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබයි; මුවින් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ගලවනු ලබයි. මන්ද, “උන්වහන්සේ තුළ විශ්වාස කරන කිසිවෙක් ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැතැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි. මන්ද යුදෙව් සහ ග්‍රීක කියා වෙනසක් නැත; උන්වහන්සේ හැමෝට ම ස්වාමියාණන් වන එක ම ස්වාමින්වහන්සේ ව සිටිමින්, තමන් අයදින සියල්ලනට ස්වකීය ඉසුර ප්‍රදාන කරන සේක. මන්ද, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින හැම කෙනෙක් ම ගලවනු ලබන්නේ ය.” එසේ නම්, තමන් විශ්වාසය නො තැබූ කෙනකුට ඔවුන් යදින්නේ කොහොම ද? එසේ ම, තමන් නො ඇසූ කෙනකු තුළ ඔවුන් විශ්වාසය තබන්නේ කොහොම ද? යමෙක් දේශනා නො කළොත් ඔවුන් අහන්නේ කොහොම ද? තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “සුබ ආරංචි ගෙනෙන අයගේ පාද, කොපමණ අලංකාර ද!” එහෙත් ඔවුන් සියලු දෙනා ශුභාරංචියට කීකරු වූයේ නැත. මන්ද යෙසායා කතා කරමින්, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු දැ?” යි පවසයි.
රෝම 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රෝම 10:8-16
3 Days
From Genesis to Revelation, God’s heart has always been for every tribe, tongue, and nation to know and worship Him. This 3-day Bible plan will take you on a journey through Scripture to see how God’s mission began, how Jesus commanded His followers to carry it forward, and why the call is both urgent and joy-filled today. You’ll discover that the Great Commission is not just for pastors or missionaries—it’s for every believer, including you. Be inspired, challenged, and equipped to say, “Here I am, send me.”
5 Days
Do you feel called to share the love of Jesus to people overseas? Before getting on the plane, learn how to make the greatest global impact and best prepare for this important trip through a Biblical lens. Adapted from the book "Across the Street and Around the World" by Jeannie Marie.
In this five-day devotional, songwriter Cory Asbury dives deep into the heart of his song “Reckless Love.”
Spend five days with Dr. Ramesh Richard, president of RREACH (a Global Proclamation Ministry) and professor at Dallas Theological Seminary, as he offers pastoral insights on how to find your soul passion in life. The intentional life that pursues a supreme purpose begins with passion. You may also enjoy the companion plan, “Building an Intentional Life: Start Now.”
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ