ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි. කල් ඇති ව උන්වහන්සේ තම දිවැසිවරුන් මගින් ශුද්ධ ලියවිලි තුළින් පොරොන්දු වූ මෙම ශුභාරංචිය, උන්වහන්සේගේ පුත්‍රයාණන් පිළිබඳව ය. මාංසාකාරයෙන් දාවිත්ගෙන් පැවත ආ මෙතුමාණෝ, ශුද්ධත්වයේ ආත්මයාණන් මගින්, මළවුන්ගෙන් නැගිටීම තුළින්, දේව පුත්‍රයාණන් බවට බලයෙන් යුක්ත ව ප්‍රකාශ කරනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එම කැඳවීම ලද්දවුන්ට ඔබත් ඇතුළත් ය. දෙවියන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලැබූ, රෝමයේ වෙසෙන සියලු දෙනා වෙතයි: අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා! පළමු කොට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් ඔබ හැම ගැන මගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ, ඔබගේ ඇදහිල්ල මුළු ලෝකයේ ම ප්‍රසිද්ධ ව ඇති බැවිනි. මා නොකඩව ඔබ සිහි කරන වගට මගේ සාක්ෂිය, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශුභාරංචිය තුළ මගේ ආත්මයෙන් මා සේවය කරන දෙවියන්වහන්සේ ය. හැම විට මගේ යාච්ඤාවලදී මා ඉල්ලා සිටින්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ඔබ හමුවට ඒම දැන්වත් සඵල වන ලෙසට ය. මා ඔබ දැකීමේ ආශාවෙන් පසුවන්නේ, ඔබ ශක්තිමත් කෙරෙන පිණිස, ඔබට යම් ආත්මික ත්‍යාගයක් දීමටයි. එනම් ඔබේත්, මගේත් අප එකිනෙකාගේ ඇදහිල්ලෙන් අන්‍යෝන්‍ය වශයෙන් අප ධෛර්යවත් වන පිණිස ය. සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක් ම එය වළක්වනු ලැබූ වග ඔබ නො දැන සිටිනවාට නො කැමැත්තෙමි. ග්‍රීකයින්ට හා ග්‍රීක නො වන අන්‍යයන්ට ද උගතුන්ට හා නූගතුන්ට ද වගකීමක මම බැඳී සිටිමි. රෝමවාසී ඔබට ද ශුභාරංචිය දේශනා කරන්නට මා පුල පුලා බලා සිටින්නේ එබැවිනි.
රෝම 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රෝම 1:1-15
3 Days
Calling is not a job title. It’s how you think about your purpose at work.
4 Days
What do you think about sin? About salvation? About your life in Christ? In this devotional, Think Like a Roman, we are renewing our minds through the book of Romans. What we believe is essential to the way we live, to our growth, our walk with Christ, and our future in Christ. Our thoughts determine our beliefs, our beliefs determine our actions. Over the next four days, join us as we dive into our understanding of doctrine relating to sin, salvation, and freedom in Christ.
5 Days
All of Christianity rests on this one single truth – Jesus Christ was raised from the dead. Because He lives, you can count yourself fully alive to God, no longer mastered by sin, but living through the power of grace.
During the Christmas season, many Christians sing the hymn "O Come, O Come, Emmanuel," which depicts the longing of the people of God for their Savior. This hope for the Savior is grounded in the Old Testament and its revelation of the Messiah. In this plan, we will look closely at the Old Testament promises about the Messiah and see how Christ perfectly fills that role.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ