එළිදරවු 7
7
මුද්‍රා තබනු ලැබූවෝ
1මින් පසුව, පොළොවේ හතර කොනේ සිටගෙන සිටි දේව දූතයින් හතර දෙනකු, ගොඩ බිමට හෝ මුහුදට හෝ කිසි ගසකට හෝ නො වදින ලෙස පොළොවේ හතර සුළඟ අල්ලා, නවතාගෙන සිටිනු මම දුටුවෙමි. 2එවිට තවත් දේව දූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, හිරු නැගෙන දෙසින් නැගී එනු දුටුවෙමි. ඔහු උස් හඬ නගා, ගොඩ බිමටත්, මුහුදටත් හානි කරන්නට බලය ලැබ සිටි දේව දූතයින් හතරදෙනා අමතමින්, 3“අපගේ දෙවියන්වහන්සේගේ දාසයින්ගේ නළල්වල මුද්‍රාවක් තබන තුරු, ගොඩ බිමටවත්, මුහුදටවත්, ගස්වලටවත් හානි නො කරන්නැ” යි කීවේ ය. 4එසේ මුද්‍රා තබනු ලැබූවන්ගේ ගණන මට ඇසිණි. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර සියල්ලෙන් මුද්‍රා තබනු ලැබූවන්ගේ ගණන එක්ලක්ෂ හතළිස්හතර දහසකි.
5යූදා ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රා තබන ලදහ.
රූබෙන් ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
ගාද් ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
6ආෂෙර් ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
නෆ්තලී ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
මනස්සේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
7සිමියොන් ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
ලෙවී ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
ඉස්සාකර් ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
8සාබුලොන් ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
යෝසෙප් ගෝත්‍රයෙන් දොළොස් දහසක්,
බෙන්යමින් ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රා තබන ලදහ.
සුදු ලෝගු හැඳි මහා ජන සමූහය
9මෙයින් පසු මම බැලීමි; මෙන්න! එවිට අති විශාල ජන සමූහයක්; කිසිවකුටත් ගණන් කරන්නට බැරි තරමේ හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම ජනතාවකට හා හැම භාෂාවකට ම අයත් වූ ඔවුහු, සුදු ලෝගු හැඳ, ඉඳි අතු අතැතිව සිංහාසනය හා බැටළු පැටවාණන් ඉදිරියේ සිටගෙන වුන්හ. 10ඔවුහු උස් හඬ නගා මොර ගැසුවෝ ය:
“ගැලවීම අයිති සිංහාසනයේ හිඳින,
අපගේ දෙවියන්වහන්සේටත්,
බැටළු පැටවාණන්ටත් ය.”
11දේව දූත සියල්ලෝ, සිංහාසනය වටාත්, වැඩිමහල්ලන් හා ජීවමාන සත්වයන් හතරදෙනා වටාත් සිටගෙන වුන්හ. ඔවුහු සිංහාසනය අබියස මුහුණින් වැඳ වැටී, දෙවියන්වහන්සේට නමස්කාර කරමින්, 12මෙසේ කීහ:
“ආමෙන්!
ප්‍රශංසාව හා තේජෝ මහිමයත්,
ප්‍රඥාව හා ස්තූතියත්, ගෞරවයත්,
බලය හා පරාක්‍රමයත්,
සදහට ම, සදාතනික ව ම අපේ දෙවියන්වහන්සේට ම වේවා.
ආමෙන්!”
13එවිට වැඩිමහල්ලන්ගෙන් කෙනෙක් මා අමතමින්, “මේ සුදු ලෝගු හැඳ සිටින අය කවුරු ද? ඔවුන් ආවේ කොහේ සිට දැ?” යි ඇසී ය.
14මම ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ එය දනියි, මගේ ස්වාමිනි” යි කීවෙමි.
එවිට ඔහු, “මහා පීඩාව මැදින් එන්නෝ මොවුහුයි. ඔවුන් තම සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කර ගෙන ඇත. 15එබැවින්,
“ඔවුහු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ,
දිවා රැයේ උන්වහන්සේට, උන්වහන්සේගේ මාලිගයේ මෙහෙ කරති.
සිංහාසන මත හිඳිනා තැනැන්වහන්සේ ස්වකීය අභිමුඛය,
ඔවුනට ඉහළින් සෙවණක් කරන සේක.
16‘ඔවුන්ට තවත් කුස ගිනි වන්නේ නැත;
පිපාස වන්නේ ද නැත.
හිරු කිරණ හෝ දැවෙන ගිනියමක්,’#7:16 යෙසා 49;10
ඔවුන්ට පහර දෙන්නේ නැත.
17මන්ද සිංහාසනය මැද සිටින බැටළු පැටවාණෝ,
ඔවුන්ගේ එඬේරාණන් වන්නේ ය.
‘උන්වහන්සේ ජීවන දිය උල්පත් වෙත ඔවුනට මග පෙන්වන්නාහ.’#7:17 යෙසා 49;10
‘දෙවියන්වහන්සේ ම ඔවුන්ගේ ඇස්වල කඳුළු හැම පිසදමන්නාහ’#7:17 යෙසා 25;8 යි”
පැවසී ය.
දැනට තෝරාගෙන ඇත:
එළිදරවු 7: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: