එළිදරවු 21:19-21
එළිදරවු 21:19-21 SCV
පුර පවුරු අත්තිවාරම් හැම වර්ගයක ම අගනා මැණික් ගලින් සරසා තිබිණි. පළමුවැන්න සූර්යකාන්තියෙනි; දෙවැන්න ඉන්ද්රනීලයෙනි. තෙවැන්න අගස්තියෙනි. සිවුවැන්න මරකතයෙනි. පස්වැන්න නඛමිණෙනි. සවැන්න ලෝහිතංකයෙනි. සත්වැන්න රන් කාන්තියෙනි. අටවැන්න වෛදූර්යයෙනි. නවවැන්න පුෂ්පරාගයෙනි. දසවැන්න ගෝමේදයෙනි. එකොළොස් වැන්න පද්මරාගයෙනි. දොළොස්වැන්න අඹතේස්තයෙනි. පුර දොරටු දොළොස, මුතු දොළොසකි. හැම දොරටුවක් ම තනි මුතුවකින් නිමවා තිබිණි. පුර වීදිය විනිවිද පෙනෙන වීදුරු වැනි පවිත්ර රනින් යුතු විණි.

