“එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: “තාරකා හත තම දකුණු අතේ දරන, රන් පහන් රුක් හත මැද සක්මන් කරන තැනැත්තාණන්ගේ වචන මෙසේ ය: “ඔබේ වැඩ ද ඔබේ වෙහෙස මහන්සිය ද ඔබේ ඉවසා දරා ගැනීම ද ඔබ නපුරන් නුරුස්නා බැව් ද අපෝස්තුලුවරුන් නො වන නමුදු තමන් අපෝස්තුලුවරුන්ය කියාගන්නවුන් පරීක්ෂා කර, ඔවුන් බොරුකරුවන් වග දැනගත් බැව් ද මම දනිමි. ඔබ මගේ නාමය උදෙසා ඉවසීමෙන් යුතු ව දරා, උසුලා, එහෙත් විඩාවට පත් නො වූ බැව් ද දනිමි. “එහෙත් ඔබගේ පළමු ප්‍රේමය ඔබ අත්හැර ඇත යන චෝදනාව ඔබට එරෙහිව මට ඇත: එබැවින්, ඔබ වැටී සිටින්නේ කොතැනක සිටදැයි සිහි කරන්න; පසුතැවිලි වී, ඔබ මුලින් කළ වැඩ කරන්න. එසේ නො කර, පසුතැවිලි නො වෙතොත් මම ඔබ වෙත අවුත්, ඔබේ පහන් රුක පිහිටි තැනින් ඉවත් කරන්නෙමි. එහෙත් මා ද්වේෂ කරන නිකොලයිතන්වාදීන්ගේ ක්‍රියාකාරකම්වලට ඔබත් ද්වේෂ කිරීම ඔබට තිබේ. “ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවියන්වහන්සේගේ පාරාදීසයේ ඇති ජීවන වෘක්ෂයෙන් කන්නට වර දෙන්නෙමි. “ස්මර්ණාහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: “පළමු වැන්නා ද අන්තිමයා ද වූ මැරුණු නමුදු යළි ජීවනයට පැමිණි තැනැත්තාණන්ගේ වචන මෙසේ ය. “ඔබගේ පීඩා ද ඔබගේ දිළිඳුකම ද දනිමි. එහෙත් ඔබ ධනවත් ය! යුදෙව්වන් නො වන නමුත් තුමූ යුදෙව්වන්ය කියා ගන්නා, සාතන්ගේ සිනගෝගයට අයත් වූවන්ගේ අපවාද ද මම දනිමි. ඔබ විඳින්නට යන දෑ ගැන බය නො වන්න. ඔන්න! පරීක්ෂා කරනු සඳහා සාතන් ඔබෙන් ඇතැම් දෙනකු සිර ගෙයි දමන්නට යයි; දහ දවසක් ඔබ පීඩා විඳිනු ඇත. මරණය දක්වාත් විශ්වාසවන්ත ව සිටින්න. එවිට ජීවනයේ ඔටුන්න මම ඔබට දෙන්නෙමි. “ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවන මරණයෙන් අනතුරක් වන්නේ නැත. “පර්ගමම්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න: “තියුණු, දෙමුවහත් කඩුව ඇති තැනැත්තාණන්ගේ වචන මෙසේ ය. “ඔබ වාසය කරන්නේ කොතැනකදැයි මම දනිමි. ඒ, සාතන්ගේ සිංහාසනය ඇති තැනයි. එසේ වුවත්, ඔබ මගේ නාමය තදින් අල්ලාගෙන සිටී. සාතන් වෙසෙන තැනදී ඔබ අතරේ මරා දමන ලද මගේ විශ්වාස සාක්ෂිකරු වූ අන්තිපස්ගේ දවස්හි දීවත්, මා කෙරේ තැබූ ඔබේ ඇදහිල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ නැත. “එහෙත් ඔබට එරෙහිව කරුණු ස්වල්පයක් මට තිබේ. පිළිමවලට යාග කළ පිදේනි කෑමටත්, ලිංගික අනාචාරයන්හි යෙදීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයින් ඉදිරියේ බාධකයක් තැබීමට බාලාක්ට ඉගැන් වූ බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඇතමෙක් ඔබ අතර වෙති. තවද නිකොලයිතන්වාදී ඉගැන්වීම් දරන්නෝත් ඔබට සිටිති. එබැවින් පසුතැවිලි වන්න! නැතහොත්, මම විගස ඔබ වෙත අවුත්, මගේ මුවින් නික්මෙන කඩුවෙන් ඔවුන්ට එරෙහිව සටන් කරන්නෙමි. “ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.
එළිදරවු 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එළිදරවු 2:1-17
3 Days
In Revelation, John wrote letters to the seven churches of Asia Minor. This fascinating book of apocalyptic literature has meaning for our lives today. John’s whole prophecy is primarily about Jesus Christ. It provides a vision of God’s ultimate purpose for humanity. In this plan, we will explore Jesus’ message to the church in Ephesus.
4 Days
The Book of Revelation has baffled believers for centuries—filled with strange creatures, cosmic battles, and cryptic symbols. But at its core, it’s not a mystery to fear; it’s a message to understand. In this four-day devotional, James Lasher offers a clear, Spirit-led look at the most misunderstood book of the Bible—from the perspective of a man who simply loves Jesus and takes His Word seriously. Through John’s eyes, you’ll rediscover that Revelation isn’t just about end-times events—it’s about the One who holds the end in His hands.
5 days
The Essential 100® Bible Challenge is a simple tool to read through the Big Story of God's Word. The reading plan is based on 50 Old Testament and 50 New Testament passages. Continue with the twentieth part "The Revelation." ®Produced by American Bible Society in partnership with Scripture Union, Inc.
5 Days
The church is vitally important for the emotional and spiritual life of the believer. When we look at the Church of Ephesus in Revelation chapter two, we find a body of believers who worked hard and endured hardship, yet they lost their first love. Do you identify with the believers at Ephesus? If you do, return to your first love and do the things you did when you first believed.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ