තවද ස්වර්ගයේ යුද්ධයක් හට ගත්තේ ය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට එරෙහිව සටන් වැදුණහ. මකරා හා උගේ දූතයෝ ප්‍රති ප්‍රහාර දුන්හ. එහෙත් ඌ පැරදුණේ ය. තවදුරටත් ස්වර්ගයේ ඔවුන්ට තැනක් නො වී ය. ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකය ම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ. එවිට උස් හඬින් මෙසේ කියන කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “අපේ දෙවියන්වහන්සේගේ ගැලවීම ද, බලය හා රාජ්‍යය ද, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේගේ ආධිපත්‍යය ද දැන් පැමිණ ඇත. මන්ද අපේ දෙවියන්වහන්සේ ඉදිරියේ දිවා රැයේ චෝදන නගනා, අපේ සහෝදරයින්ගේ චෝදකයා, පහළට හෙළනු ලැබ ඇත. බැටළු පැටවාණන්ගේ ලේ මගින් හා තම සාක්ෂියේ වචනය මගින්, ඔවුහු ඔහුගෙන් ජය ගත්හ. තවද, ඔවුන් මරණය දක්වා ම, තමන්ගේ ජීවිතවලට ප්‍රේම කළේ නැත.
එළිදරවු 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එළිදරවු 12:7-11
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ