එළිදරවු 10:8-11

එළිදරවු 10:8-11 SCV

එවිට, ස්වර්ගයේ සිට මා අමතනු මා අසා තිබූ කටහඬ යළිත් මා අමතමින්, “යන්න; මුහුදත්, ගොඩ බිමත් මත සිටගෙන සිටින දේව දූතයා අතේ දිග ඇර ඇති ඇකුළුම් පොත ගන්නැ” යි පැවසී ය. එබැවින් ඒ දේව දූතයා වෙත ගිය මම ඒ කුඩා ඇකුළුම් පොත මට දෙන්නැයි කීවෙමි. එවිට ඔහු, “ගන්න; ගෙන එය කන්න. එය ඔබේ බඩ තිත්ත කරනු ඇත. ‘එහෙත් එය ඔබේ මුවෙහි මී පැණි සේ මිහිරි වනු ඇතැ’ යි” කීවේ ය. දේව දූතයා අතින් මම ඒ පොත ගෙන කෑවෙමි. එය මා මුවෙහි මී පැණි සේ මිහිරි විය. එහෙත් මා එය කා නිම වූ කල මගේ බඩ තිත්ත විය. එවිට, “බොහෝ ජනයා ද ජාතීන් ද භාෂා ද රජුන් ද පිළිබඳව ඔබ යළිත් දිවැසි වැකි කිය යුතු යැ” යි මට කියන ලදී.