එළිදරවු 1:5-7
එළිදරවු 1:5-7 SCV
විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ, ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්. “අන්න! උන්වහන්සේ වලාකුළුවලින් එන සේක.” “උන්වහන්සේ ව ඇන, සිදුරු කළ අය පවා හැම ඇසක් ම, උන්වහන්සේ දකිනු ඇත.” මිහි පිට සියලු ගෝත්‍ර “උන්වහන්සේ නිසා වැලපෙනු ඇත.” ඒ එසේ ම වේවා! ආමෙන්.

