ගීතාවලිය 99:1-5

ගීතාවලිය 99:1-5 SCV

ස්වාමින්වහන්සේරජකම් කරන සේක, ජාතීහු වෙවුලත්වා! උන්වහන්සේ කෙරුබ්වරුන්ට මැදි ව, සිංහාසනාරූඪ ව සිටින සේක. පොළොව සලිත වෙත්වා! සියොනෙහි ස්වාමින්වහන්සේ උතුම් ය; සියලු ජාතීන්ට ඉහළින් උන්වහන්සේ උසස් ව සිටින්නාහ. ඔබගේ උත්තම වූත්, භයංකර වූත් නාමයට ඔවුහු ප්‍රශංසා කරත්වා! උන්වහන්සේ පාරිශුද්ධ ය. රජ්ජුරුවෝ පරාක්‍රමවත් ය, උන්වහන්සේ යුක්තියට ප්‍රේම වන්නේ ය; ඔබ අපක්ෂපාතීත්වය ස්ථාපිත කළ සේක, යාකොබ් වංශය අතරේ ඔබ යුක්තියත්, සාධාරණත්වයත් ඉටු කර ඇත. අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පසසන්න, උන්වහන්සේගේ පා පුටුව අද්දර නමස්කාර කරන්න; උන්වහන්සේ පාරිශුද්ධ ය.