ගීතාවලිය 97:1-5

ගීතාවලිය 97:1-5 SCV

ස්වාමින්වහන්සේ රජකම් කරන සේක; පොළොව සොම්නස් වෙත්වා! වෙරළ හා දිවයින් ප්‍රීති ප්‍රමෝද වෙත්වා! වලාකුළු හා අන්ධකාරය උන්වහන්සේ වටා සිටී; දමිටුකම හා යුක්තිය, උන්වහන්සේගේ සිහසුනේ අත්තිවාරම් ය. ගින්න උන්වහන්සේට පෙරටුව ගමන් කර, හැම පැත්තේ ම සිටින උන්වහන්සේගේ සතුරන් ඉන් දවා දමයි. උන්වහන්සේගේ විදුලිය ලෝකය ආලෝක කරයි; පොළොව ඒ දැක වෙවුලුම් කයි. ස්වාමින්වහන්සේ ඉදිරියෙහි, මුළු පොළොවේ ස්වාමියාණන් ඉදිරියෙහි කඳු ඉටි සේ දිය ව යන්නේ ය.