ගීතාවලිය 96

96
ගීතාවලිය 96
1 ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ගයන්න;
මිහි පිට සියල්ලෙනි, ස්වාමින්වහන්සේට ගී ගයන්න.
2 ස්වාමින්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේගේ නාමය පසසන්න;
දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරන්න.
3උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේ ද
උන්වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියා සියලු ජනයා අතරේ ද පතළ කරන්න.
4මන්ද ස්වාමින්වහන්සේ උතුම් ය; අතිශයෙන් පැසසුම ලැබිය යුත්තාණෝ ය;
සියලු දෙවිවරුනට ඉහළින් භය විය යුතු උන්වහන්සේට ය.
5මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු, පිළිම රූප පමණක් වේ.
එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය.
6ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් උන්වහන්සේ ඉදිරියේ ය;
ශක්තිය හා අලංකාරය උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ ය.
7පුද දෙන්න ස්වාමින්වහන්සේට, එම්බා ජාති ජාති පෙළපත් වාසීනි,
පුද දෙන්න ස්වාමින්වහන්සේට ගෞරවය හා ශක්තිය.
8පුද දෙන්න ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ නාමයට දිය යුතු ගෞරවය;
පූජාවක් රැගෙන උන්වහන්සේගේ මාලිග මළුවට එන්න.
9උන්වහන්සේගේ ශුද්ධත්වයේ ශෝභාශ්‍රීයෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න;
පොළෝ තලේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියේ වෙවුලා සිටින්න.
10ස්වාමින්වහන්සේරජකම් කරන සේකැ” යි ජාතීන් අතරේ පවසන්න.
ලෝකය ස්ථාවර ව ස්ථාපිත ය, එය සොලවනු නො හැක;
උන්වහන්සේ අපක්ෂපාතී ව ජනයා විනිශ්චය කරන සේක.
11ස්වර්ගයෝ ප්‍රීති ප්‍රමෝද වෙත්වා! පොළොව සොම්නස් වෙත්වා!
මුහුද එහි ඇති සියල්ලත් සමඟ ගිගුරුම් දේවා!
12කෙත් වතු හා ඒවායේ ඇති සියල්ල ප්‍රීතියෙන් කුල්මත් වේවා!
වනාන්තරයේ සියලු ගස් වැල් සතුටින් ගී ගයත්වා!
13 ස්වාමින්වහන්සේ ඉදිරියේ ඒවා ගී ගයන්නේ, උන්වහන්සේ එන නිසාවෙනි,
මන්ද පොළොව විනිශ්චය කිරීමට උන්වහන්සේ එන සේක.
උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකය ද
ස්වකීය සත්‍යයෙන් ජනයා ද විනිශ්චය කරන සේක.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 96: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න