ගීතාවලිය 91
91
ගීතාවලිය 91
1මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා,
සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණැල්ලෙහි සැනසිල්ල ලබන්නේ ය.
2 ස්වාමින්වහන්සේ ගැන මම මෙසේ පවසමි, “උන්වහන්සේ මගේ සරණය ය;
මගේ බළකොටුව ය; මා විශ්වාසය තබන දෙවියන්වහන්සේ ය.”
3සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද
මාරක වසංගතවලින් ද
උන්වහන්සේ ඔබ මුදන සේක.
4උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක;
උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත;
උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය.
5රාත්‍රියේ භීතියට හෝ
දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත.
6අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ
මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ.
7ඔබ පසෙක දහසක් දෙනකු වැටී ගියත්,
ඔබේ දකුණු පස දස දහසක් වැටී ගියත්,
කිසි අනතුරක් ඔබට ළං නො වේ.
8ඔබ දෙනෙත් යොමා, බලා සිටිනවා පමණි,
දුදනන් පිටට එන දඬුවම, එවිට ඔබ දකිනු ඇත.
9මගේ රැකවරණය වූ ස්වාමින්වහන්සේ,
එනම්, මහෝත්තමයාණන්, ඔබගේ වාසස්ථානය කර ගන්නේ නම්,
10කිසි උපද්‍රවයක් ඔබ පිට නො පැමිණෙනු ඇත,
කිසි විපත්තියක් ඔබේ කූඩාරමට ළං නො වනු ඇත.
11මන්ද ඔබගේ හැම මාර්ගයක ම ඔබ ආරක්ෂා කරන්නට
උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක.
12ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත්තේ,
ඔබගේ පාද, ගලක නො වදින ලෙසට ය.
13ඔබ සිංහයාත්, නාගයාත් පාගා දමනු ඇත;
ඔබ බියකරු සිංහයාත්, විසකුරු සර්පයාත් පාගා දමනු ඇත.
14 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක, “ඔහු මට ප්‍රේම කරන නිසා, මම ඔහු මුදා ගන්නෙමි.
ඔහු මගේ නාමය පිළිගන්න නිසා, මම ඔහු ආරක්ෂා කරන්නෙමි.
15ඔහු මා අමතන කල, මම ඔහුට උත්තර දෙන්නෙමි;
කරදර විපත්හි දී මම ඔහු සමඟ සිටින්නෙමි;
මම ඔහු මුදා ගෙන, ඔහු ගෞරවයට පමුණුවමි.
16දීර්ඝායු දී මම ඔහු තෘප්තියට පමුණුවා,
මගේ ගැලවීම ඔහුට පෙන්වන්නෙමි.”
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 91: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: