ගීතාවලිය 90:9-13
ගීතාවලිය 90:9-13 SCV
අපගේ දවස් සියල්ල, ඔබගේ උදහස යට ගෙවී යයි; අපගේ අවුරුදු, සුසුමක් වාගේ අපි කෙළවර කරන්නෙමු. අපගේ ජීවිත කාලය අවුරුදු හැත්තෑවකි, ශක්තිය තිබුණොත් අවුරුදු අසූවකි; එහෙත් ඒ කාල-පරාසය ම වෙහෙස හා දුක ය, ඒවා වහා ඉගිළ යයි. අපේ ජීවිත ගෙවී යයි. ඔබගේ කෝප බලයේ තරම කවුරු දනිත් ද? මන්ද ඔබගේ කෝපාග්නිය මිනිසුන් ඔබට භය වීමට සලසයි. ප්‍රඥාවන්ත හදවතක් වඩවා ගන්න පිණිස, අපගේ දවස් හරි හැටි ගණින්නට අපට ඉගැන්නුව මැනව. හැරී ආ මැනව, අහෝ ස්වාමින්වහන්ස, තව කොතෙක් කල් පමාවන සේක් ද? ඔබේ සේවකයනට අනුකම්පා කළ මැනව.

