ගීතාවලිය 90:10-16
ගීතාවලිය 90:10-16 SCV
අපගේ ජීවිත කාලය අවුරුදු හැත්තෑවකි, ශක්තිය තිබුණොත් අවුරුදු අසූවකි; එහෙත් ඒ කාල-පරාසය ම වෙහෙස හා දුක ය, ඒවා වහා ඉගිළ යයි. අපේ ජීවිත ගෙවී යයි. ඔබගේ කෝප බලයේ තරම කවුරු දනිත් ද? මන්ද ඔබගේ කෝපාග්නිය මිනිසුන් ඔබට භය වීමට සලසයි. ප්‍රඥාවන්ත හදවතක් වඩවා ගන්න පිණිස, අපගේ දවස් හරි හැටි ගණින්නට අපට ඉගැන්නුව මැනව. හැරී ආ මැනව, අහෝ ස්වාමින්වහන්ස, තව කොතෙක් කල් පමාවන සේක් ද? ඔබේ සේවකයනට අනුකම්පා කළ මැනව. අපගේ ජීවිත කාලයේ ප්‍රීතියෙන් ගී ගයමින්, අප ප්‍රමෝද වන පිණිස, උදයෙන් උදය ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් අප සෑහීමට පත් කළ මැනව. බොහෝ වූ දවස්හි ඔබ අපට පීඩා ගෙන දුන් ලෙස, බොහෝ වූ අවුරුදුවල අප විපත්ති විඳි ලෙස, දැන් අපට සොම්නස ගෙන දුන මැනව. ඔබගේ සේවකයින් වන අපට ඔබගේ ක්‍රියා ද අපගේ දූ දරුවනට ඔබගේ මහිමාලංකාරය ද පෙන්වනු ලැබේවා!

