ගීතාවලිය 88:1-5
ගීතාවලිය 88:1-5 SCV
අහෝ ස්වාමින්වහන්ස, මා ගැලවූ දෙවියන්වහන්ස, ඔබ ඉදිරියේ දිවා රැයේ මම හඬා වැටෙමි. මගේ යැදුම ඔබ අබියසට පැමිණේවා! මගේ හැඬුමට ඔබේ සවන් යොමු කළ මැනව. මන්ද මගේ ජීවිතය කරදරවලින් ගහන ය; මගේ දිවිය වළ පල්ලට කෙමෙන් ඇදේ. මා ගණන් ගනු ලබන්නේ මළවුන් අතරට ගිය එකකු සේ ය. මා පණ කෙන්දක් නැති මිනිසකු වැන්න. තවදුරටත් ඔබගේ මතකයට නො එන, ඔබේ අවධානයෙන් සිඳ දැමුණු, ඝාතන කර, මිනී වළට ඇද දැමූවකු පරිදි මළවුන් අතරේ මා අත්හැර දැමිණ.

