ගීතාවලිය 87:1-7

ගීතාවලිය 87:1-7 SCV

උන්වහන්සේ අත්තිවාරම් ලූ පුරවරය ශුද්ධ කන්ද මත පිහිටා ඇත. යාකොබ්ගේ දේශයේ සියලු වාසස්ථානවලට වඩා, ස්වාමින්වහන්සේ සියොනේ දොරටුවලට ප්‍රේම කරන සේක. එම්බා දෙවියන්වහන්සේගේ පුරවරය, නුඹ ගැන උත්කර්ෂවත් දෑ පැවසේ. සෙලා. “මා පිළිගන්නා ජාතීන් අතරේ රහබ් හා බබිලෝනිය මම සඳහන් කරන්නෙමි; පිලිස්තියාව ද කූෂ් සමඟ තීර් ද ගැන මෙසේ කියැවේ: ‘මොහු සියොනෙහි උපන්නෙකි.’ ” සැබවින් ම, සියොන ගැන මෙසේ කියැවේ, “මොහුත්, ඔහුත් උපත ලබා ඇත්තේ ඇය තුළ ය; මහෝත්තමයාණන් ඇය ස්ථාපිත කරනු ඇත.” ස්වාමින්වහන්සේ ජනයින් ලේඛනගත කරන කල, මෙසේ ලියනු ඇත: “මොහු සියොනෙහි උපන්නෙකි.” සෙලා “මගේ සියලු උල්පත් ඔබ තුළ ඇතැ” යි ගයමින් ඔවුහු නටන්නෝ ය.

ගීතාවලිය 87:1-7 සඳහා වීඩියෝව