ගීතාවලිය 85:9-12

ගීතාවලිය 85:9-12 SCV

උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස, උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය. නොමියෙන පෙමත්, විශ්වසනීයත්වයත් එකට එක් වෙයි. දමිටුකමත්, ශාන්තියත් එකිනෙකා සිප ගනියි. විශ්වසනීයත්වය පොළොවේ සිට ඉහළට පනින්නේ ය, දමිටුකම ස්වර්ගයේ සිට පහළ බලන්නේ ය. සැබවින් ම ස්වාමින්වහන්සේ අනර්ඝ දෑම දෙන සේක, එවිට අපගේ දේශය, එහි පලදාව හට ගන්වන්නේ ය.