ඔබගේ දේශයට, ඔබ කරුණාව දැක් වූ සේක. අහෝ ස්වාමින්වහන්ස, යාකොබ්ගේ භාග්‍යය ඔබ යළි පිහිටෙවූ සේක. ඔබ, ඔබගේ ජනයාගේ වැරදි කමා කළ සේක; ඔබ, ඔවුන්ගේ සියලු පාප මකා දැමූ සේක. සෙලා ඔබගේ සකල උදහස පසෙක තැබූ ඔබවහන්සේ, ඔබගේ දැවෙන කෝපය අත් හළ සේක. යළි අප ප්‍රකෘතිමත් කළ මැනව, අහෝ දෙවියන්වහන්ස, අපගේ ගැලවුම්කරුවාණනි, අප වෙත වූ නොරිස්සුම ඉවත දැමුව මැනව. සදහට ම ඔබවහන්සේ අප හා උරණ ව සිටින සේක් ද? ඔබගේ කෝපය, පරපුරින් පරපුරට දික්ගස්සන සේක් ද? ඔබගේ ජනයා වන අප ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස, යළි අප පුබුදුවන්නේ නැති ද? අපට ඔබගේ නොමියෙන ප්‍රේමය දැක්වුව මැනවි අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ගැලවීම අපට දුන මැනව. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පවසන දේට මම සවන් දෙන්නෙමි; තම ජනයා වන විශ්වාසයීනට උන්වහන්සේ සාමය පොරොන්දු වූ සේක. ඔවුහු යළි අනුවණකමට හැරී නො යත්වා! උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස, උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය.
ගීතාවලිය 85 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 85:1-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ