ගීතාවලිය 84:1-4
ගීතාවලිය 84:1-4 SCV
අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ වාසස්ථානය මොන තරම් අලංකාර ද! ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළු ගැන සිහිසුන් නැති වන තරමේ දැඩි අභිලාෂයකින් මම පෙළෙන්නෙමි; ජීවමාන දෙවියන්වහන්සේ ගැන මගේ හදත්, මගේ ගතත් ප්‍රීතියෙන් කෑ ගසයි. ගේ කුරුල්ලා පවා තමාට කැදැල්ලකට ද වැහි ලිහිණිය තම පැටවුනට කූඩුවකට ද තැනක් ඔබගේ පූජාසනය ළඟින් සොයාගෙන ඇත, අහෝ සේනාංකාධිපති ස්වාමින්වහන්ස, මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස. ඔබගේ ගෘහයේ වාසය කරන්නෝ කොතරම් භාග්‍යවත් ද! ඔවුහු නිරතුරු ඔබට ප්‍රශංසා කරති. සෙලා

