ගීතාවලිය 80:8-19

ගීතාවලිය 80:8-19 SCV

ඊජිප්තුවේ සිට මිදි වැලක් උදුරා ගෙනා ඔබ, එය සිටුවූයේ සෙසු ජාතීන් පලවා හරිමිනි. ඒ වැල උදෙසා ඔබ බිම පිළියෙල කළ සේක; එය මුල් ඇද, දේශය පුරා පැතිර, වැඩිණි. එහි සෙවණින් කඳුකරය ද එහි අතුවලින් මහ දේවදාර ගස් ද වැසී ගියේ ය. එහි අතු මුහුද දක්වා ද එහි ඉති ගංගාව දක්වා ද විහිදිණි. එසේ නම් ඔබ එහි තාප්ප බිඳ හෙළුවේ මක්නිසාද? දැන් එමඟින් යන-එන්නන්ට එහි පල කඩා-වඩාගත හැකි ව ඇත. වල් ඌරෝ එය ආලාපාළු කරති; වන සත්තු එය කා දමති. අප වෙත යළි අව මැනව, අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස! ස්වර්ගයේ සිට පහතට නෙත් යොමා, බැලුව මැනව! සැලකුව මැනව මේ මිදි වැල, ඔබගේ දකුණතින් ඉන්දූ පැළය, ඔබ උදෙසා ඔබ වඩවා ගත් අත්ත ය. ඔබගේ මිදි වැල කපා දමනු ලැබ, ගින්නේ දවනු ලැබ ඇත; ඔබගේ තරවටුවෙන් ඔවුහු වැනසෙති. ඔබගේ දකුණු පස සිටින මිනිසා පිට, ඔබ උදෙසා ඔබ සවියෙන් වඩවා ගත් මනුෂ්‍ය පුත්‍රයා පිට ඔබගේ හස්තය රඳා සිටීවා! එවිට, ඔබ වෙතින් අපි ඉවත නො හැරෙන්නෙමු; අප පුබුදු කළ මැන; අපි ඔබගේ නාමයට අයදින්නෙමු. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව! අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.

ගීතාවලිය 80:8-19 සඳහා වීඩියෝව

ගීතාවලිය 80:8-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය