සවන් දුන මැනවි අපට, ඉශ්‍රායෙල්ගේ එඬේරාණනි, බැටළු රැළකට සේ යෝසෙප්ට මගපෙන්වන්නාණනි; කෙරුබිම් අතරේ සිංහාසනාරූඪ ව සිටින්නාණනි, බැබළුව මැනව. එප්‍රායිම් ද බෙන්යමින් ද මනස්සේ ද ඉදිරියේ ඔබගේ පරාක්‍රමය පුබුදුකර, පැමිණ, අප ගැලෙවුව මැනව. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව. අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, තව කොතෙක් කලක් ඔබ ඔබගේ ජනයාගේ යාච්ඤාවලට කෝප ගන්නා සේක් ද? ඔබ ඔවුන්ට කඳුළු රොටි කැවූ සේක; විසල් බඳුනක් පුරවා කඳුළු ඔවුන්ට බොන්නට දුන් සේක. අප අසල්වැසි ජාතීන්ට අප කලහයට හේතුවක් වන්නට ඔබ මග පෑදූ සේක්; අප සතුරෝ අපට සමච්චල් කරති. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව. අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව. ඊජිප්තුවේ සිට මිදි වැලක් උදුරා ගෙනා ඔබ, එය සිටුවූයේ සෙසු ජාතීන් පලවා හරිමිනි. ඒ වැල උදෙසා ඔබ බිම පිළියෙල කළ සේක; එය මුල් ඇද, දේශය පුරා පැතිර, වැඩිණි. එහි සෙවණින් කඳුකරය ද එහි අතුවලින් මහ දේවදාර ගස් ද වැසී ගියේ ය. එහි අතු මුහුද දක්වා ද එහි ඉති ගංගාව දක්වා ද විහිදිණි. එසේ නම් ඔබ එහි තාප්ප බිඳ හෙළුවේ මක්නිසාද? දැන් එමඟින් යන-එන්නන්ට එහි පල කඩා-වඩාගත හැකි ව ඇත. වල් ඌරෝ එය ආලාපාළු කරති; වන සත්තු එය කා දමති. අප වෙත යළි අව මැනව, අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්ස! ස්වර්ගයේ සිට පහතට නෙත් යොමා, බැලුව මැනව! සැලකුව මැනව මේ මිදි වැල, ඔබගේ දකුණතින් ඉන්දූ පැළය, ඔබ උදෙසා ඔබ වඩවා ගත් අත්ත ය. ඔබගේ මිදි වැල කපා දමනු ලැබ, ගින්නේ දවනු ලැබ ඇත; ඔබගේ තරවටුවෙන් ඔවුහු වැනසෙති. ඔබගේ දකුණු පස සිටින මිනිසා පිට, ඔබ උදෙසා ඔබ සවියෙන් වඩවා ගත් මනුෂ්‍ය පුත්‍රයා පිට ඔබගේ හස්තය රඳා සිටීවා! එවිට, ඔබ වෙතින් අපි ඉවත නො හැරෙන්නෙමු; අප පුබුදු කළ මැන; අපි ඔබගේ නාමයට අයදින්නෙමු. යථා තත්වයට යළි අප පැමිණෙවුව මැනව! අහෝ සේනාංකාධිපති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, අප ගැලවෙන පිණිස, අප පිට ඔබගේ මුහුණ බැබළුව මැනව.
ගීතාවලිය 80 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 80:1-19
5 Days
Prepare yourself to celebrate the real reason for the season—Jesus! Enjoy 5 Advent devotions to start the month of December off right. These short, engaging reflections focused on hope, combined with the beauty and relevance of The Passion Translation—a fresh, faithful translation of the Bible—provide the inspiration you need to celebrate the true reason for the season.
7 Days
For centuries, the Psalms formed the basis of Jewish and Christian worship. They tell the story of God’s activity in creation and the hope we have in God’s promises. This Bible Plan gathers Prof. N.T. Wright’s insights on key psalms, which give shape to the Psalter and serve as key resources of prayer.
17 Days
Japan is the world’s second largest unreached people group even after decades of dedicated evangelism and church presence. In this highly sophisticated society most Japanese see Christianity as nice but irrelevant. Church attendance hovers around 0.3%. Let’s agree with the Word of God as we worship, declare and pray for breakthrough in this beautiful nation.
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “God’s Word of Prayer.”
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ