ගීතාවලිය 8
8
ගීතාවලිය 8
සංගීත අධ්‍යක්ෂක වෙත. ගිත්තීත්ට#8:0 සංගීතමය යෙදුමක් විය හැක අනුව. දාවිත්ගේ ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි,
ඔබගේ නාමය, මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද!
ඔබගේ තේජෝ මහිමය,
අහසටත් ඉහළින් නැගේ.
2ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින්,
ඔබ බළකොටුවක් පිහිටුවා ඇත්තේ, ඔබගේ එදිරිවාදීන් නිසා
සතුරා ද පළි ගන්නා ද නිහඬ කරන පිණිස ය.
3ඔබ විසින් ස්ථානගත කළ සඳ-තරු ඇතුළු
ඔබගේ අතැඟිලි නිමැවුම් වන
ඔබගේ අහස් තල ගැන
මා සිතා බලන කල,
4ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද?
ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?
5දේව දූතයින්ට#8:5 දේව දූතයින්ට නොහොත් දෙවියන්වහන්සේට වඩා මදක් පහත් කොට,
ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක.
6ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ
සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක:
7ඒ, මුළු මහත් එළු බැටළු, ගව රංචු හා
වනයේ සතා-සීපාවුන් ද
8අහසේ පක්ෂීන්,
මුහුදේ මසුන් හා
සයුරු මාවත්හි සරනා සියලු ජීවීන් ද වේ.
9අහෝ ස්වාමින්වහන්ස, අපගේ ස්වාමිනි,
ඔබගේ නාමය මේ මිහි මඬල පුරා කොතරම් ශ්‍රී විභූතිමත් ද!
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 8: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: