ගීතාවලිය 78:5-7

ගීතාවලිය 78:5-7 SCV

උන්වහන්සේ යාකොබ් තුළ පනතක් පිහිටුවා, ඉශ්‍රායෙල් තුළ ව්‍යවස්ථාව ස්ථාපිත කළේ, තම දරු පරපුරට ඒවා උගන්වන ලෙස අප පියවරුනට ආඥා කරමිනි. මෙසේ, ඊළඟ පරපුර, තවමත් නූපන් දරුවන් පවා ඒවා දැනගනු ඇත; ඔවුන් ද තමන්ගේ දරුවන් එලෙස ම දැනුවත් කරනු ඇත. එවිට ඔවුන් දෙවියන්වහන්සේ තුළ තම විශ්වාසය තබනු පමණක් නො ව, උන්වහන්සේගේ ක්‍රියා අමතක නො කරනු ඇත; උන්වහන්සේගේ ආඥා ද රක්ෂා කරනු ඇත.