ගීතාවලිය 78:4-7
ගීතාවලිය 78:4-7 SCV
ඔවුන්ගේ දරුවන්ගෙන් අප ඒවා සඟවන්නේ නැත; ස්වාමින්වහන්සේගේ ප්‍රශංසනීය ක්‍රියා, උන්වහන්සේගේ බලය හා උන්වහන්සේ කළ අරුම පුදුම, ඊළඟ පරම්පරාවට අපි පවසන්නෙමු. උන්වහන්සේ යාකොබ් තුළ පනතක් පිහිටුවා, ඉශ්‍රායෙල් තුළ ව්‍යවස්ථාව ස්ථාපිත කළේ, තම දරු පරපුරට ඒවා උගන්වන ලෙස අප පියවරුනට ආඥා කරමිනි. මෙසේ, ඊළඟ පරපුර, තවමත් නූපන් දරුවන් පවා ඒවා දැනගනු ඇත; ඔවුන් ද තමන්ගේ දරුවන් එලෙස ම දැනුවත් කරනු ඇත. එවිට ඔවුන් දෙවියන්වහන්සේ තුළ තම විශ්වාසය තබනු පමණක් නො ව, උන්වහන්සේගේ ක්‍රියා අමතක නො කරනු ඇත; උන්වහන්සේගේ ආඥා ද රක්ෂා කරනු ඇත.

