ගීතාවලිය 78:35-39

ගීතාවලිය 78:35-39 SCV

තමන්ගේ පර්වතයාණන් දෙවියන්වහන්සේ වග, තම මිදුම්කරුවාණන් මහෝත්තම දෙවියන්වහන්සේ වග එවිට ඔවුහු සිහිපත් කළෝ ය. එහෙත් ඔවුහු තම මුවින් උන්වහන්සේට චාටු කතා පවසමින්, තම දිව්වලින් උන්වහන්සේට බොරු කළහ. ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේට පක්ෂපාතී නො වී ය; උන්වහන්සේගේ ගිවිසුමට ඔවුහු විශ්වාසී නො වූහ. එහෙත් උන්වහන්සේ දයාවන්ත වූ සේක; ඔවුන්ගේ අයුතුකම්වලට කමා වූ සේක්; ඔවුන් විනාශ කර නො දැමූ සේක. බොහෝ විට උන්වහන්සේ තම කෝපය යටපත් කර ගත් සේක්; තම උදහස මුළුමනින් ඇවිළෙන්නට ඉඩ නුදුන් සේක. ඔවුන් හුදු මිනිසුන් පමණක් වග, ආපසු නො එන, සැණෙක පහ වී යන සුළං රොදක් පමණක් වග උන්වහන්සේ සිහිපත් කළ සේක.