ගීතාවලිය 78:13-16
ගීතාවලිය 78:13-16 SCV
උන්වහන්සේ මුහුද දෙබෑ කර, ඒ මැදින් ඔවුන් ගෙන ගිය සේක්, මුහුදු ජලය ගොඩැල්ලක් මෙන් නො සැලී කෙළින් සිටින්නට සැලසූ සේක. උන්වහන්සේ දහවලේ වලාකුළක් මගින් ද රාත්‍රිය පුරා ගින්නේ ආලෝකය මගින් ද ඔවුන්ට මග පෙන් වූ සේක; පාළුකරයේදී උන්වහන්සේ පර්වත පලා, මහා ගැඹුරකින් සේ ඔවුනට ජලය බහුල ව ගෙන දුන් සේක; උන්වහන්සේ පර්වත කූට වෙතින් ජල ධාරා පැන නංවා, ගංගා සේ, ජලය ගලා යන්නට සැලසූ සේක.

