ගීතාවලිය 77:1-6

ගීතාවලිය 77:1-6 SCV

කෑ ගසා මම දෙවියන්වහන්සේට හඬ ගසමි; උන්වහන්සේ මට කන්දෙන සේක. කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි; රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි, එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත. අහෝ දෙවියන්වහන්ස මම, ඔබ සිහි කරමින්, කෙඳිරි ගෑවෙමි; මම ඕනෑකමින් සිතා බැලුවෙමි; එවිට මගේ ආත්ම ශක්තිය පිරිහී යන්නට විය. සෙලා නිදන පිණිස දෑස පියාගන්නට ඔබ මට ඉඩ නො දුන් සේක; මට කතා කරගන්නටවත් නො හැකි විය. යටගිය දවස් ගැන මම සිතුවෙමි, ඈත අතීත අවුරුදු ගැන කල්පනා කළෙමි. රැයේදී මම මගේ ගීත සිහි කළෙමි. මගේ හදින් ඕනෑකමින් සිතා බැලූ මම මෙසේ විමසීමි

ගීතාවලිය 77:1-6 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 77:1-6 - කෑ ගසා මම දෙවියන්වහන්සේට හඬ ගසමි;
උන්වහන්සේ මට කන්දෙන සේක.
කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි;
රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි,
එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත.

අහෝ දෙවියන්වහන්ස මම, ඔබ සිහි කරමින්, කෙඳිරි ගෑවෙමි;
මම ඕනෑකමින් සිතා බැලුවෙමි; එවිට මගේ ආත්ම ශක්තිය පිරිහී යන්නට විය. සෙලා
නිදන පිණිස දෑස පියාගන්නට ඔබ මට ඉඩ නො දුන් සේක;
මට කතා කරගන්නටවත් නො හැකි විය.
යටගිය දවස් ගැන මම සිතුවෙමි,
ඈත අතීත අවුරුදු ගැන කල්පනා කළෙමි.
රැයේදී මම මගේ ගීත සිහි කළෙමි.
මගේ හදින් ඕනෑකමින් සිතා බැලූ මම මෙසේ විමසීමි