ගීතාවලිය 69:7-9

ගීතාවලිය 69:7-9 SCV

මන්ද මම ඔබ උදෙසා නින්දා දරා ගනිමි; ලජ්ජාවෙන් මගේ මුහුණ වැසී යයි. මගේ ම සහෝදරයන්ට මා ආගන්තුකයෙකි, මගේ මවුගේ කුසින් බිහි වූ සෙසු දරුවනට මා විදේශිකයෙකි; ඔබගේ ගෘහය උදෙසා වූ උද්යෝගයෙන් මා ඇවිළේ, ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට වැටිණි.