ගීතාවලිය 69:29-36

ගීතාවලිය 69:29-36 SCV

මම වේදනාවටත්, පීඩාවටත් පත් ව සිටිමි; අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ගැලවීම මා ආරක්ෂා කෙරේවා. ගී ගයා මම, දෙවියන්වහන්සේගේ නාමය පසසන්නෙමි, ස්තුති දීමෙන් මම උන්වහන්සේට ගෞරව-මහිමය දෙමි. ගොනකු පූජා කිරීමට වඩා ස්වාමින්වහන්සේට එය ප්‍රසන්න වනු ඇත; අං සහ කුර ඇති ගවයකුට වඩා එය ප්‍රසන්න ය. දුප්පතුන් ඒ දැක සන්තෝෂ වනු ඇත. දෙවියන්වහන්සේ සොයන්නනි, ඔබගේ හදවත්වලට නව ජීවනය ලැබේවා! අවැසිතා ඇතියවුනට ස්වාමින්වහන්සේ සවන් දෙන සේක, සිර බැඳුම්වල සිටින තම ජනයා සුළු කොට නො තකන සේක. අහසත්, පොළොවත් උන්වහන්සේට ප්‍රශංසා කරත්වා! මහ සයුරත් එහි ගැවසෙන සියල්ලොත් එසේ කරත්වා! මන්ද දෙවියන්වහන්සේ සියොන් පුර ගලවන සේක; යූදා දේශයේ පුර නගර යළි නගා සිටුවන සේක. එවිට ජනයා එහි පදිංචි වී, එය අත්පත් කර ගනු ඇත; උන්වහන්සේගේ සේවකයින්ගේ දරුවන්ට එය අයිති වනු ඇත, උන්වහන්සේගේ නාමයට ප්‍රේම කරන්නන් එහි වාසය කරනු ඇත.

ගීතාවලිය 69:29-36 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 69:29-36 - මම වේදනාවටත්, පීඩාවටත් පත් ව සිටිමි;
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ගැලවීම මා ආරක්ෂා කෙරේවා.

ගී ගයා මම, දෙවියන්වහන්සේගේ නාමය පසසන්නෙමි,
ස්තුති දීමෙන් මම උන්වහන්සේට ගෞරව-මහිමය දෙමි.
ගොනකු පූජා කිරීමට වඩා ස්වාමින්වහන්සේට එය ප්‍රසන්න වනු ඇත;
අං සහ කුර ඇති ගවයකුට වඩා එය ප්‍රසන්න ය.
දුප්පතුන් ඒ දැක සන්තෝෂ වනු ඇත.
දෙවියන්වහන්සේ සොයන්නනි, ඔබගේ හදවත්වලට නව ජීවනය ලැබේවා!
අවැසිතා ඇතියවුනට ස්වාමින්වහන්සේ සවන් දෙන සේක,
සිර බැඳුම්වල සිටින තම ජනයා සුළු කොට නො තකන සේක.

අහසත්, පොළොවත් උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!
මහ සයුරත් එහි ගැවසෙන සියල්ලොත් එසේ කරත්වා!
මන්ද දෙවියන්වහන්සේ සියොන් පුර ගලවන සේක;
යූදා දේශයේ පුර නගර යළි නගා සිටුවන සේක.
එවිට ජනයා එහි පදිංචි වී, එය අත්පත් කර ගනු ඇත;
උන්වහන්සේගේ සේවකයින්ගේ දරුවන්ට එය අයිති වනු ඇත,
උන්වහන්සේගේ නාමයට ප්‍රේම කරන්නන් එහි වාසය කරනු ඇත.