ගීතාවලිය 69:19-20
ගීතාවලිය 69:19-20 SCV
මා අවමන් විඳින හැටි, ලජ්ජාවට පාත්‍ර ව ඇති හැටි, නින්දා ලබන හැටි ඔබ දන්නා සේක; මගේ සියලු සතුරන් ඔබ ඉදිරියෙහි ය. අවමන් විසින් මගේ හදවත කඩා දමනු ලැබ, මම බලාපොරොත්තු සුන් ව සිටිමි; අනුකම්පා ඇත්තකු බලා සිටියෙමි, එහෙත් එබඳු කිසිවකු නො වී ය. සිත් සනසන්නකු සෙවීමි, එහෙත් එබන්දකු ද හමු නො විණ.

