ගීතාවලිය 69:1-3
ගීතාවලිය 69:1-3 SCV
මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මන්ද දිය කඳ, මගේ ගෙල දක්වා ම නැග තිබේ. පය ගසා ගන්නට ඉඩක් නැති, ගැඹුරු මඩ ගොහොරුවෙහි මා කිඳා බසී. ජල ධාරාවලින් වෙළා ගනු ලැබ, මා සිටින්නේ ගැඹුරු දියේ ය. පිහිට ඉල්ලා මොර ගැසීමෙන්, මම විඩාවට පත් ව සිටිමි; මගේ උගුර ද හොඳට ම වේළී ගොසිනි. දෙවියන්වහන්සේ දෙස බලා සිටීමෙන්, මගේ දෙනෙත ද අඳුරු වී යයි.

