ගීතාවලිය 67:3-7

ගීතාවලිය 67:3-7 SCV

ජනතාවෝ ඔබට ප්‍රශංසා කරත්වා, අහෝ දෙවියන්වහන්ස, සකල ජනතාවෝ ඔබට ප්‍රශංසා කරත්වා! ඔබ සාධාරණ ව ජනයා ආණ්ඩු කරන බැවින් ද මිහි පිට ජාතීන්ට මග පෙන්වන බැවින් ද ජාතීහු සන්තෝෂයෙන් යුතු ව ප්‍රීති ගීත ගයත්වා. සෙලා ජනතාවෝ ඔබට ප්‍රශංසා කරත්වා, අහෝ දෙවියන්වහන්ස, සකල ජනතාවෝ ඔබට ප්‍රශංසා කරත්වා! දේශය එහි පලදාව උපදවන්නේ ය; දෙවියන්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන සේක. දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන සේක, එවිට ලොව සතර දිගන්තය ම උන්වහන්සේට භය වන්නේ ය.