ගීතාවලිය 65
65
ගීතාවලිය 65
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි. ගීයකි.
1අහෝ දෙවියන්වහන්ස, සියොනෙහි දී ඔබට ප්‍රශංසා කිරීම යුතු ය;
අපගේ භාර අපි ඔබට ඉෂ්ට කරන්නෙමු.
2යාච්ඤාවට සවන් දෙන තැනැත්තාණෝ ඔබ ය,
එබැවින් ජීවත් වන සියලු ජනයා ඔබ වෙත පැමිණෙති.
3පාපය අප යටපත් කර ගත් කල,
ඔබ, අපගේ අපරාධ පහ කළ සේක.
4ඔබගේ ගෘහ-මළුවෙහි වාසය කරන පිණිස,
කැඳවාගෙන එන්නට ඔබ විසින් තෝරාගත් අය භාග්‍යවත් ය!
ඔබගේ ශුද්ධ මාලිගාවේ,
ඔබගේ ගෘහයේ යහ දෙයින් අපි පිරී සිටින්නෙමු.
5දමිටුකමේ භයංකර ක්‍රියා මගින් ඔබ අපට පිළිතුරු දෙන සේක,
පොළොවේ සකල කෙළවරයන්හි ද
ඈත සාගරයන්හි ද බලාපොරොත්තුව වූ
දෙවියන්වහන්ස, අපේ ගැලවුම්කරුවාණන්වහන්ස.
6ශක්තියෙන් සන්නද්ධ වී,
ඔබගේ ම බලයෙන් කඳු ස්ථාපිත කරන්නේ ඔබ ය.
7සාගර ඝෝෂාව ද
ඒවායේ රළ රැළිවල වියරුව ද
ජාතීන්ගේ කෝලාහල ද නිශ්චල කරන්නේ ඔබ ය.
8දුර බැහැර පෙදෙස්හි වෙසෙන්නෝ පවා, ඔබගේ විස්මිත ක්‍රියාවනට භය වෙති;
හිරු නැගෙනා උදයේ ද හිරු බසිනා සවස ද
ඔබ ප්‍රීති ගීත නාද පැන නැංවූ සේක.
9පොළොව ගැන ඔබ සලකන සේක්, වැසි ජලය එවා,
එය ඉතා සරු සාර කරන සේක.
ජනයාට ධාන්‍ය ලබාගන්නා පිණිස,
දෙවියන්වහන්සේගේ ජල ධාරා ජලයෙන් පිරී ඇත.
මන්ද එසේ පිළියෙල කළේ ඔබවහන්සේ ය.
10ඔබ එහි හීවිටි, ජලයෙන් පොඟවන සේක්, එහි පස්වැටි පිඬැලි, සමතලා කරන සේක;
වැසි වස්වා, පොළොව බුරුල් කරන ඔබ එහි වගාවට ආශිර්වාද කරන සේක.
11ඔබවහන්සේ සරු සාර පලදාවකින් අවුරුද්ද සරසවන සේක,
ඔබ යන යන තැන සඵලත්වය පිරී ඉතිරෙයි.
12පාළුකරයේ තණ බිම්, නිල්ලෙන් වැසී යයි;
කඳුකරය, ප්‍රමෝදයෙන් පිනවනු ලබයි.
13තණපිටි, එළු බැටළු රංචුවලින් සැරසී යයි;
මිටියාවත්, ධන ධාන්‍යයෙන් උතුරා යයි.
ඒවා ප්‍රීති ඝෝෂා නගමින් ගී ගයති.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 65: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: